Search

ඔස්ට්‍රේලියාවේ ඉන්න වැඩිහිටි ශ්‍රී ලාංකිකයින්ටත් ඉංග්‍රීසි ඉගෙන ගන්න අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ සිටින වැඩිහිටි සංක්‍රමණිකයන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සදහා නව වැඩසටහනක් (AMEP) ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා.

එම වැඩසටහන ආරම්භ කර ඇත්තේ ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණින් බවයි වාර්තා වන්නේ.

තම ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ගැනීම සදහා කැමැත්තක් දක්වන වැඩිහිටි සංක්‍රමණික ප්‍රජාවට ඒ සදහා ලියාපදිංචි විය හැකියි.

මෙම වැඩසටහන සදහා සේවා සපයන්නන් (Service Providers) 13 දෙනෙකු සම්බන්ධ වී සිටීම ද කැපී පෙනෙනවා.

රට පුරා සියලුම කලාප ආවරණය වන පරිදි ස්ථාන 300 ක් පදනම් කරගෙන පන්ති ආරම්භ කර තිබෙන බවයි පැවසෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික වැඩිහිටි සංක්‍රමණිකයන්ට ද මේ සදහා අයදුම් කිරීමට හැකියාව පවතිනවා.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තු නිල වෙබ් අඩවියට පිවිසීම හරහා ලබා ගත හැකියි.

 

More Information -:
https://immi.homeaffairs.gov.au/…/information-in-languages