
ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ගේ ඇතුළු දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගේ වාර්ෂික වැටුප් පිළිබඳව තොරතුරු ඇතුලත් නවතම දත්ත වාර්තාවක් නිකුත් වී තිබෙනවා.
මෙම දත්ත වාර්තාව නිකුත් කර ඇත්තේ ඔස්ට්‍රේලියා රජයේ වැටුප් පාලක සභාව (Australian Government Remuneration Tribunal) විසිනුයි.
ඒ අනුව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ වාර්ෂික වැටුප ඩොලර් 607,490 ක් ලෙසයි එම දත්ත වාර්තාව ඔස්සේ අනාවරණය වී ඇත්තේ.

නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සදහා ද වාර්ෂිකව ඩොලර් 478,990 ක වැටුපක් හිමි වනවා.
මෙම දත්ත වාර්තාවට අනුව විපක්ෂ නායකවරයාගේ වාර්ෂික වැටුප සටහන් වී ඇත්තේ ඩොලර් 432,260 ක් ලෙසයි.

එමෙන්ම ෆෙඩරල් රජයේ කැබිනට් අමාත්‍යවරුන් සදහා වාර්ෂිකව ඩොලර් 403,050 ක වැටුපක් හිමි වන බවයි එහි සදහන් වී ඇත්තේ.
මීට අමතරව ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වාර්ෂිකව ඩොලර් 233,650 ක වැටුපක් හිමි වීම ද මෙහිදී කැපී පෙනෙනවා.