
මෙම වසරේ ජනවාරි මාසයේ ඔස්ට්‍රේලියාවේ උණුසුම නැවතත් කාලගුණ වාර්තා අතරට එක් වී තිබෙනවා.
ඒ අනුව රට පුරා සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.15 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
2025 වසරේ ජනවාරි මාසය තුළ රට පුරා වෙනදාට සාපේක්ෂව උණුසුම් කාලගුණයක් පැවති බවටයි කාලගුණ දත්ත වාර්තා ඔස්සේ පෙන්වා දී ඇත්තේ.

අදාළ කාල සීමාව තුළ ඔස්ට්‍රේලියාව පුරා වර්ෂාපතනය දළ වශයෙන් 33% කින් පමණ අඩු වී තිබීම ද කැපී පෙනෙනවා.
මෙම වසරේ ජනවාරි මාසය තුළ උෂ්ණත්වය අධිකම ප්‍රාන්තය බවට පත්වී ඇත්තේ බටහිර ඔස්ට්‍රේලියාවයි.

මේ අතර 1910 සිට මේ දක්වා කාල සීමාව තුළ උෂ්ණත්වය ඉහළ ගිය දෙවන වර්ෂයට බවට පසුගිය වර්ෂය පත්ව තිබෙන බවයි එම දත්ත වාර්තා ඔස්සේ වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.