
සිඩ්නි හි බටහිර කලාපයේ කර්මාන්ත ශාලාවක ගින්නකින් ප්‍රදේශය පුරා දැඩි උණුසුම් තත්වයක් හා පිපිරීම් හට ගෙන තිබෙනවා.
ශාන්ත මේරිස් හි ක්‍රිස්ට් වීදියේ ප්‍රතිචක්‍රීකරණ කර්මාන්ත ශාලාවකයි මෙම ගින්න හට ගෙන ඇත්තේ.
අවට ප්‍රදේශය දැඩි දුමාරයකින් වැසී ඇති බැවින් නිවාස හා ව්‍යාපාර සියයටකට පමණ ඉන් ඉවත් වන්නැයි ගිනි නිවන භටයින් නිවේදනය කළා.

එමෙන්ම ජනෙල් වසා දමන ලෙසත්, අවට මාර්ග වසා දමන ලෙසත්, බලධාරීන්ට මෙන්ම පදිංචිකරුවන්ට උපදෙස් දී තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවයි ගිනි හා ගලවා ගැනීමේ නිව් සවුත් වේල්ස් කොමසාරිස්වරයා මාධ්‍යයට පවසා ඇත්තේ.

ඉදිරි පැය කිහිපය තුළ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමිය හැකි වනු ඇතැයි ඔහු වැඩිදුරටත් කියාසිටියා.