
ඔස්ට්‍රේලියාවේ කෘතිම බුද්ධිය පිළිබඳ උපාධිය (AI) ප්‍රථම වරට ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට දෙරටේ එකඟතාව පළ වී තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සහ ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලය අතරයි.
වසර 3ක පාඨමාලාවක් මගින් SLIIT හි දේශීය විශේෂඥ දැනුම සහ ඩීකින් විශ්ව විද්‍යාලයේ ගෝලීය මට්ටමේ අධ්‍යාපනයක් හැදෑරීමට ශ්‍රී ලාංකීය සිසුන්ට දැන් හැකිවනු ඇති බවයි ඔස්ට්‍රේලියා මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් පැවසුවේ.

මෙම පාඨමාලාව මගින් AI දත්ත විද්‍යාව, යන්ත්‍ර ඉගෙනීම සහ රොබෝ තාක්ෂණය වැනි ක්ෂේත්‍රවල ගැඹුරු දැනුම මෙන්ම ප්‍රායෝගික ප්‍රවීනත්වය සිසුන්ට ලබාගත හැකි බවත් එමෙන්ම ඩීකින් විශ්ව විද්‍යාලයේ විෂය මාලාව සමග සන්ධනාගත වීමෙන් ගෝලීය අධ්‍යාපන ප්‍රමිතියක් ලැබෙන බවයි මහකොමසාරිස් වරයා වැඩිදුරටත් කියාසිටියේ.
එමෙන්ම ඩීකින් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන්ගේ දැනුම ලබාගැනීමේ ප්‍රතිලාභ සිසුන්ට ලැබෙන අතර ඕනෑම අවස්ථාවකදී ඔවුන්ගේ අධ්‍යයන කටයුතු ඔස්ට්‍රේලියාවට මාරු කිරීමට හා සම්පූර්ණ කිරීමේ හැකියාව ද පවතින අතර දක්ෂ සිසුන්ට උපකාරක පන්ති ගාස්තුවලින් සියයට 25 ක ශිෂ්‍යත්ව පිරිනැමීමටද හැකි බව Deakin විශ්ව විද්‍යාලයේ පාසල් සහකාර ප්‍රධානී මහාචාර්ය රූපක් සින්හා සඳහන් කළා.

මහාචාර්ය රූපක් ස්න්හා තවදුරටත් කියාසිටියේ ශ්‍රී ලංකාව තුළ නව තාක්ෂණය ඉදිරියට ගෙන යාමටත් දකුණු ආසියාව තුළ ලෝක මට්ටමේ AI වෘත්තිකයන් සංවර්ධනය කිරීමටත් මෙම උපාධි පාඨමාලාව හරහා හැකි වනු ඇති බවයි.