
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගැනීම පිළිබඳව අදහස් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව ඔස්ට්‍රේලියාවට එරෙහිව අනිද්දා (06) ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් තරගයෙන් අනතුරුව ඔහු ටෙස්ට් දිවියෙන් විශ්‍රාම ගැනීමට සැලසුම් කර තිබෙන බවටයි වාර්තා වන්නේ.
ඒ ඔහුගේ 100 වන ටෙස්ට් තරගය වීම ද කැපී පෙනනවා.

කෙසේ වෙතත් මෑතකාලීන පැවති ටෙස්ට් තරගවල දී ඔහුට සිය සුපුරුදු පිතිකරණ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට හැකියාව ලැබුණේ නෑ.
Daily FT වෙත අදහස් දැක්වූ දිමුත් විසින් ප්‍රකාශ කර ඇත්තේ තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව පවුලේ අය සමගින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට සැලසුම් කර තිබෙන බවයි.
