Search

NSW ප්‍රවාහන අමාත්‍යවරිය සිය ධූරයෙන් ඉවත් වෙයි

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍ය ජෝ හේලන් එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ පෞද්ගලික සංචාර සදහා රජයේ රියදුරන් යොදා ගැනීමේ සිදුවීමක් මුල් කරගෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඉකුත් ජනවාරි 25 වනදා Hunter Valley හි පිහිටි බ්‍රෝකන්වුන් වයින් කර්මාන්ත ශාලාවේ පැවති දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වීම සදහා අමාත්‍යංශ රියදුරෙකු යොදා ගත් බවට අමාත්‍යවරියට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

ඒ හේතුවෙන් ඇය ප්‍රාන්ත වැසියන්ගේ දැඩි විවේචනයට ලක් වී ඇති බවයි පැවසෙන්නේ.

එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රාන්ත ජනතාවගෙන් සමාව ඉල්ලූ අමාත්‍යවරිය අද (04) සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »