Search

වායු දූෂණය නිසා ලොව පුරා දරුණු රෝගී තත්වයක්

lung cancer

දුම් පානය නොකරන්නන් අතර පෙනහළු පිළිකා තත්වය ලොව පුරා ඉහළ යමින් ඇතැයි නව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

ලැන්සෙට් ශ්වසන වෛද්‍ය සඟරාව සිදුකළ මෙම අධ්‍යයනයේ දැක්වෙන්නේ ඇඩිනො කාර්සිනෝමා නම් පෙනහළු පිළිකා තත්වය රෝගීන් සියයට 53 සිට සියයට 70 දක්වා දුම්පානය නොකරනන් අතර තිබී හමුවූ බවයි.

වායු දූෂණය හේතුවෙන් නැගෙනහිර ආසියාවේ සහ චීනයේ පෙනහළු පිළිකා රෝගී තත්වය ඉහල අවදානමක පවතින බවද පර්යේෂකයින් පෙන්වාදුන්නා.

කාන්තාවන් සහ ආසියානු ජනගහනය තුළ බහුලව දක්නට ලැබෙන ඇඩිනො කාසිනෝමා පිළිකා තත්වය ලොව පුරා පිළිකා ආශ්‍රිත මරණවලින් පස්වන ස්ථානයේ පවතින බවයි සඟරාවේ දැක්වෙන්නේ.

ඇඩිනොකාසිනෝමා රෝගයෙන් පෙළෙන්නන්ගෙන් ලක්ෂ 2 කට ආසන්න ප්‍රමාණයක් වායු දූෂණයට නිරාවරණය වූවන් බවට ද අධ්‍යයනයෙන් තහවුරු වී තිබෙනවා.

එමෙන්ම පෙනහළු පිළිකා රෝගීන් නව ලක්ෂ අටදහසකගෙන් කාන්තාවන් සියයට 59.7 ක් ඇඩිනොකාසිනෝමා පිළිකාවෙන් පෙළෙන බවට 2022 වසරේ සිදුකළ ඇස්තමේන්තුවකින් හෙළිවුණා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »