
ලොව විශාලතම ත්‍රාසජනක සංචාරක සමාගම ලෙස ප්‍රකට Intrepid Travel, 2025 වාර්ෂික ගෝලීය සමුළුව සඳහා සත්කාරක නගරය ලෙස ශ්‍රී ලංකාවේ කොළඹ තෝරාගෙන තිබෙනවා.
Intrepid හි ගෝලීය මෙහෙයුම් තුළ ශ්‍රී ලංකාවේ වැදගත්කම අවධාරනය කරමින් එම සමාගම මෙල්බන් හි පිහිටි සිය මූලස්ථානයෙන් පිටත වාර්ෂික සමුළුව පවත්වනු ලැබූ දෙවන අවස්ථාව මෙය බව සදහන්.
Intrepid සමාගම 2012 දී කොළඹ දි කාර්යාලයක් ද ආරම්භ කර තිබුණා.

ශ්‍රී ලංකාව තාක්‍ෂණය, ආදායම් කළමනාකරණය, මානව සම්පත්, නිෂ්පාදන සේවා, මූල්‍ය සහ පාරිභෝගික සේවා සඳහා සහාය වන ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙසයි Intrepid සමාගම හදුන්වා ඇත්තේ.
පෙබරවාරි 24 සිට 27 දක්වා මෙම සමුලුව පැවැත්වීමට නියමිතයි.

රටවල් 50 ක සාමාජිකයින් ඇතුලු පුද්ගලයින් 500කට අධික පිරිසක් මෙම සමුලුවට එක්වීමට නියමිත බව සදහන්.
2024 දී, Intrepid විසින් ශ්‍රී ලංකාවට සංචාරකයින් 4,000 කට වඩා ගෙන්වා ඇති අතර, 2030 වන විට ශ්‍රී ලංකාවට සංචාරකයින් 15,000 කට වඩා වැඩි පිරිසක් තම සමාගම හා ගෙන්වා ගැනීමට සූදානම් බව සදහන්.