
සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුගේ ඉතුරුම් ගිණුමෙහි ශේෂය ඩොලර් 100ට වඩා අඩු බව නවතම අධ්‍යනයකදී අනාවරණය වී තිබෙනවා.
සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 18.7ක් සදහන් කළේ, බඩු මිල , රක්ෂණ වාරික අගය සහ බිල්පත් මිල ගණන් ඉහළයෑම හේතුවෙන් ඉතුරුම් තැම්පතුවක් පවත්වාගෙන යා නොහැකි බවයි.
තවද ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් හතර දෙනෙකු පැවසුවේ ජීවන වියදම් අර්බුදය හමුවේ පසුගිය මාස 12 තුළ තමන්ට මුදල් ඉතිරි කර ගැනීමට නොහැකි වූ බවයි.

තමන් හට අත්‍යවශ්‍ය අවස්ථා වලදී භාවිතයට ගැනීම සදහා ඉතුරුවක් නොමැති වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් වැඩි දෙනෙක් කනස්සල්ලෙන් සිටින බව සදහන්.
තවද සමීක්ෂණයට ලක් කළ පුද්ගලයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට තමන්ට ඉතුරුම් තැම්පතුවක් නොතිබුණද ණයවලින් තොර බව සනාත කට තිබෙනවා.

තවත් සියයට 15ක පමණ පිරිසක් කියා සිටියේ තමන් ණය වී ඇති බවත් පවතින ණය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි.