Search

අධික උණුසුමෙන් පසු වික්ටෝරියා ප්‍රදේශ රැසකට සුභාරංචියක්

rain

වික්ටෝරියාහි දකුණු ප්‍රදේශයට සිසිල් කාලගුණයක් ඉදිරියේදී ඇති විය හැකි බව කාලගුණ විද්‍යා අංශය අනාවැකි පළකරනවා.

ඔවුන් පෙන්වාදෙන්නේ එම සිසිල් කාලගුණය දකුණු ඔස්ට්‍රේලියාවේ දේශසීමාව හරහා නිරිතදිග වික්ටෝරියාව වෙත අද අලුයම සිට ගමන් කරනු ඇති බවයි.

මේ දිනවල බටහිර වික්ටෝරියාහි ඇතැම් ප්‍රදේශවල ගිගිරුම් සහිත වැසි පතිත වූ අතර මෙල්බන්හි රාත්‍රී කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ක පමණ අගයක් පැවතුණා.

නමුත් අකුණු සැර වැදීමෙන් ගින්නක් ඇති වී ඇතැයි කාලගුණ විද්‍යා අංශ සැකපළ කරන අතර ඒ හේතුවෙන් මෙල්බන් පදිංචිකරුවන්ට කල්පනාකාරීවන්නැයි ඔවුන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම මෙල්බන් නගරයට වයඹ දෙසින් පිහිටි බුලෙන්ගරූක් සහ ගිස්බෝර්න් ප්‍රදේශවලට අද සුළං තත්වය ශක්තිමත් වීම, සුළං දිශාව වෙනස් වීම මත පවතින දැඩි දුමාරය පිළිබඳ අවධානයෙන් පසුවන්නැයි බලධාරීන් ඉල්ලීමක් කළා.

කෙසේවෙතත් වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිතදිග ප්‍රදේශයේ ලැව්ගිනි කිහිපයක් පාලනයෙන් තොරව ව්‍යාප්ත වන බැවින් එම කලාපයෙන් ඉවත් වන ලෙස ඊයේ ජනතාවට දැනුම් දුන්නා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »