
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති 67 වැනි ග්‍රැමී සංගීත සම්මාන උළෙලේදී, එම උළෙලට සහභාගී වුණු සංගීත ශිල්පී කන්යේ වෙස්ට් සහ ඔහුගේ බිරිඳ බියංකා සෙන්සෝරිට විශේෂ අවධානයක් යොමු වුණා.
ඒ, බියංකා සිරුර හොඳින් විනිවිද පෙනෙන දුහුල් ඇඳුමකින් පෙනී සිටීම නිසායි.
සම්මාන උළෙල සඳහා සහභාගි වූ සියලු අමුත්තන් රතු පළස මතදී ඡායාරූප සඳහා පෙනි සිටි අතර, එම අවස්ථාවේ දී කන්යේගේ බිරිඳ බියන්කා ඇගේ ලොම් කබාය ගලවා කැමරාවන්ට දුහුල් ඇඳුම හරහා නිරුවත ප්‍රදර්ශනය කල බව සදහන්.

මෙය මේ වනවිට සමාජ මාධ්‍ය කැලැඹීමට පවා සමත් වී තිබෙනවා.
47 හැවිරිදි කන්යේ සහ 30 හැවිරිදි බියංකාට මෙවර ග්‍රැමී සංගීත සම්මාන උළෙල සඳහා නිල වශයෙන් ඇරැයුම් කර තිබුණේ නැති බවයි වාර්තා වන්නේ.

එහෙයින්, ඡායාරූපවලට පමණක් පෙනී සිටීමෙන් පසු යුවළ එතැනින් පිටව ගිය බව ද සදහන්.
මේ අතර බියොන්සේ 2025 ග්‍රැමී සම්මාන උළෙලේදී වසරේ හොඳම ඇල්බමයට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වූණා.