Search

ව්‍යාජ SMS,Calls සහ Email ගැන අනතුරු ඇඟවීමක්

රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනි සිටිමින් ලැබෙන ව්‍යාජ ඇමතුම් සහ ඊමේල් ලිපි වෙත පිළිතුරු ලබා දීමෙන් වැලකි සිටින ලෙස ඔස්ට්‍රේලියානුවන්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.

සයිබර් අපරාධකරුවන් ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය ලෙස පවසා පුද්ගලයින්ගේ රහස්‍ය තොරතුරු ලබා ගනිමින් මූල්‍ය වංචා සිදු කරන බවයි වාර්තා වන්නේ.

දුරකථන ඇමතුම්,SMS සහ Email ඔස්සේ මෙලෙස ඉතා හදිසි ලෙස සදහන් කරමින් ව්‍යාජ පණිවුඩ ගැන අවදානයෙන් සිටින්නැයි සදහන් කරනවා.

රාජ්‍ය ආයතන සංකේත හා ඒ හා සමාන දුරකතන අංක මෙන්ම විද්‍යුත් ලිපින යොදා ගනිමින් මහජනයාගේ විශ්වාසය දිනා ගැනීමටයි වංචනිකයින් කටයුතු කරන්නේ.

එහි මුරපද හෝ බැංකු තොරතුරු ඇතුළු පුද්ගලික තොරතුරු ලබා දියයුතු ලෙස සදහන් කරන අතර ඇතැම් මුදල් ලබා දීමට හෝ අනිෂ්ට මෘදුකාංග බාගත කිරීමට සයිබර් අපරාධකරුවන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සමහර ඊමේල් Gift Cars හෝ ක්‍රිප්ටෝ කරන්සි ලෙස පෙන්වා පරිශීලකයන් රවටා ගන්නා බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාවේ සිටින ඔබට එවැනි ව්‍යාජ ඇමතුමක් හෝ ඊමේල් ලිපිනයක් ලද හොත් ක්ෂණික ප්‍රතිචාර කිරීමෙන් වැලකී 1300 අංකය අමතා ඒ පිළිබද විමසා දැනගන්නා ලෙස ජනතාවට උපදෙස් දෙනවා.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »