Search

ජනවාරියේ දී සිඩ්නි මෙල්බන් නිවාස මිලට සිදුවූ දේ

වසර 2කට පසු සිඩ්නි සහ මෙල්බන් නිවාස මිල පසුගිය ජනවාරි මස වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා.

මෙල්බන් හි දේපල වටිනාකම පසුගිය වසරේ සියයට තුනක් පමණ පහත වැටුණු අතර 2024 අවසාන මාස තුන තුළ එම අගය සියයට 1.8 කින් පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

CoreLogic වාර්තා අනුව පසුගිය කාර්තුවේ සිඩ්නි හි දේපල මිල සියයට 1.4 කින් පහත වැටි ඇති බව සදහන්.

එම වාර්තා අනුව ජනවාරි මාසයේදී මෙල්බන් හි නිවාස අගයන් අඛණ්ඩව සියයට 0.6 කින් පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

තවද පර්ත් හි දේපල මිල 2024 දී සියයට 19.1 කින් ඉහළ ගිය නමුත් පසුගිය වසර අවසානයේ බටහිර ඔස්ට්‍රේලියාවේ දේපල අගය සියයට එකකින් පමණ ඉහළ ගොස් තිබුණා.

තවද ජනවාරි මාසයේදී පර්ත් දේපල වටිනාකම සියයට 0.4 කින් ඉහළ ගොස් ඇති බව සදහන්.

පසුගිය මාස 12 තුළ ප්‍රාදේශීය දේපල මිල සියයට 5.8 කින් ඉහළ ගිය නමුත් පසුගිය වසර අවසානයේ දී මන්දගාමි ස්වරූපයක් ගෙන තිබුණා.