Search

ව්‍යාජ ලේඛන පෙන්නා වික්ටෝරියා හි රැකියා ගත්තොත් වැඩ වරදි

වික්ටෝරියා හි රැකියා සදහා ඉල්ලුම් කිරීමේ දී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ පුද්ගලයෙකුට එරෙහිව ඩොලර් 5000ක දඩයක් නියම කර තිබෙනවා.

ඊට අමතරව තවත් ඩොලර් 21420.56ක නීතිමය වියදමක් ගෙවන ලෙසද මෙහේස්ත්‍රාත් අධිකරණය එහිදි නියෝග කළා.

අදාළ සැකකරු රැකියා සඳහා අයදුම් කිරීමේදී ලියාපදිංචි හෙදි නිලධාරියෙක් ලෙස පෙනී සිටීමටයි කටයුතු කර ඇත්තේ.

සැකකරු මුවර්බින් මහේස්ත්‍රාත් අධිකරණයේ ලියාපදිංචි හෙදියක් ලෙස පෙනී සිට තමා කළ වරද පිළිගෙන තිබුණා.

සැකකරු2021 වසරේ සිට මෙලසෙ ව්‍යාජ ලේඛන පෙන්වා රැකියා ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ව්‍යාජ ලේඛනයක් නිෂ්පාදනය කර දුන් පුද්ගලයින් ද නීතිය තදින් ක්‍රියාත්මක කරන බව එහිදි අවධාරණය කෙරුණා.

ඕනෑම රැකියාවක් සදහා අයදුම්කරුවෙකුට අවශ්‍ය කුසලතා සහ සුදුසුකම් ඇති බව පමණක් නොව, ඔවුන් වෘත්තියේ වටිනාකම් ආරක්ෂා කිරීමත් මහජනතාව අවදානමට ලක් නොකල යුතු බවට අධිකරනය එහිදි පෙන්වා දුන්නා.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »