Search

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන්ගෙන් අඩකට සුදුසුකම් වලට සරිලන රැකියා නෑ

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් විසින් සිදු කරන රැකියා සහ ඔවුන් සතු සුදුසුකම් සම්බන්ධ තොරතුරු ඇතුලත් නවතම දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ Deloitte ආයතනය විසින් බවයි දැක්වෙන්නේ.

ඒ අනුව මෙරට ස්ථිර සංක්‍රමණිකයන්ගෙන් 45% ක් පමණ තම සුදුසුකම්වලට සරිලන රැකියාවල නිරත නොවන බවයි අනාවරණය වී ඇත්තේ.

සංඛ්‍යාත්මක වශයෙන් ගත් කළ එම ප්‍රමාණය 621,000 පමණ වනවා.

එම සංක්‍රමණිකයන් අතුරින් 201,000 කට වැඩි පිරිසක් කලමනාකරණ වාණිජ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සදහා සුදුසුකම් ලත් වෘත්තිකයන් ලෙසයි සැළකෙන්නේ.

ඉන් 80,000 කට වැඩි පිරිසක් සුදුසුකම් ලත් ඉංජිනේරුවන් වීම ද කැපී පෙනෙනවා.

මෙම පිරිස අතුරින් සංක්‍රමණිකයන් 50,000 කට අඩු පිරිසක් පුහුණු සෞඛ්‍ය වෘත්තිකයන් වන බව ද මෙම දත්ත වාර්තාවේ වැඩිදුරටත් සදහන් වී තිබෙනවා.