Search

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගයේ නොසිතු වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 03) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 187 කට ආසන්න වී තිබෙනවා.

එහි ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 186 යි ශත 99 ක් ලෙසයි.

ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 177 යි ශත 77 ක් ලෙසයි.

ඒ අනුව නොවැම්බර් 12 වනදා අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 303 යි ශත 11 ක් ලෙස වන අතර එහි ගැණුම් මිල රුපියල් 294 යි ශත 47 ක් වනවා.

ඒ අනුව පසුගිය සතිය තුළ ඔස්ට්‍රේලියානු ඩොලරයේ අවම විකුණුම් අගය රුපියල් 186 ක් වු අතර මේ වන විට සුලු පහත වැටීමක් සිදුව ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා මගින් පෙන්වා දෙන්නේ.

එම වාර්තා අනුව යූරෝවක විකුණුම් මිල රුපියල් 311. 66 වන අතර එහි ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 299.24 ක් ලෙසයි.