Search

ශ්‍රී ලංකාවේ අභිමානවත් 77 වන නිදහස් දිනය අදයි

“ජාතික පුනරුදයට පෙළ ගැසෙමු”‍ යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ 77 වන ජාතික නිදහස් සමරු උත්සවය අදට යෙදී තිබෙනවා.

වසර 443ක් පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයින්ට යටත්ව සිට ශ්‍රී ලංකාවට නිදසහ හිමිවූයේ 1948 පෙබරවාරි 4 වනාදායි

ජනාධිපති අනුර දිසානායකග්වෙ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී නිල ජාතික නිදහස් උත්සවය පැවැත්වීමට නියමිතයි.

මෙවර නිදහස උලෙළ උත්කර්ෂවත්ව හා වියදම් අඩු කර ගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙන අතර වෙනත් නිදහස් උත්සවවලට සාපේක්ෂව මෙවර මහජනතාව වැඩියෙන් සහභාගි කරවා ගැනීමට ද වත්මන් රජය සැලසුම් කර තිබෙනවා.

නිදහස් දින සැමරුම් පෙළපාළියේ සංයුතියද මෙවර වෙනස් කර ඇති අතර මින් පෙර යෙදාගත් හමුදා සංයුතිය සියයට 40ක් අඩු කර තිබෙන බව සඳහන්.

ඒ අනුව හමුදා සාමාජිකයන් 1873කු පමණක් මෙවර සහභාගි කරවා ගැනීමට නියමිතයි.

එමෙන්ම මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ යොදා නොගැනීමට තීරණය කර ඇති අතර නාවික හමුදාව විසින් පවත්වන සාම්ප්‍රදායික වෙඩිමුර 25 මෙවරද පවත්වනු ලබනවා.

ගියවර භාවිත කළ ගුවන් යානා 19න් මෙවර ගුවන් යානා තුනක් පමණක් යොදා ගැනීමට ද සැලසුම් කර තිබෙන බව සදහන්.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »