
වික්ටෝරියා හි අලුත උපන් දරුවන් සදහා වඩාත් ජනප්‍රිය නම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව අලුත උපන් ළදරුවන් සඳහා නම් තැබීමේ දී ශාක නාම, වර්ණ සහ මැණික් වර්ග වල නම් භාවිත කිරීමට දෙමාපියන් වැඩි වශයෙන් යොමු වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබුණා.
වික්ටෝරියා හි වඩාත් ප්‍රසිද්ධ පිරිමි සහ කාන්තා නාමයන් එලෙස වර්ග කර ඇති අතර Oliver යන නම වසර 11ක් පුරා අංක එකේ පිරිමි නම ලෙස සදහන්.

ඊට අමතරව Noah,Henry,Leo,Theodore යන නම් ද අලුත උපන් පිරිමි බිළිදු නම් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.
The Registry of Births, Deaths and Marriages Victoria වාර්තා අනුව මෙම නම් ප්‍රකාශයට පත්කර ඇති අතර 2010 සිට 2024 දක්වා ළදරු නාම මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුලත්.

ඒ අනුව වික්ටෝරියා හි අලුත උපන් බිලිදියන් සදහා වඩාත් ජනප්‍රිය නම් අතර අංක එකට නම් කර ඇත්තේ Isla යන නමයි.
මීට අමතරව Charlotte,Amelia, Mia.Hazel
සහ Olivia යන නම් ද ඇතුලත්.