Search

ඉහළ යන බියර් මිල ගැන ඔස්ට්‍රේලියානුවන්ට ගැටළුවක් ?

අද සිට ඔස්ට්‍රේලියාව තුළ බීර මිල කැපී පෙනෙන අගයකින් ඉහළ යෑමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ බීර නිෂ්පාදකයන් සහ ෆෙඩරල් රජය අතර පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

මේ අනුව සියයට 2 ත් සියයට 3% ත් අතර අගයකින් එනම් බීර පයින්ට් එකක් ඩොලර් 15 ක් වැනි අගයකින් ඉහළ යනු ඇති.

ඔස්ට්‍රේලියා Brewers (බෲවර්ස්) සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ප්‍රෙස්ටන් විසින් ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටින්නේ රට පුරා සිටින බීර නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් වෙනුවෙන් මෙම ගැටළුව විසදීම සදහා කඩිනම් පියවර ගන්නා ලෙසටයි.

රට තුළ බියර් සදහා දැනටමත් ලොව ඉහළම බදු ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවයි ඔහු විසින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

මත්පැන් බද්ද යනු ෆෙඩරල් රජයට ඩොලර් මිලියන ගණනක මූල්‍ය උත්පාදනය කර දෙන ආදායම් මාර්ගයක් ලෙස ද එහි වැඩිදුරටත් සදහන්.

 

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »