
මෙම වසරේ ස්ථාවර පොලී අනුපාත (Fixed Rate) අඩු කළ පළමු ප්‍රධාන බැංකුව බවට National Australia බැංකුව (NAB) පත්ව තිබෙනවා.
ඔස්ට්‍රේලියානු සංචිත බැංකුවේ පළමු රැස්වීම අවසන් වී සති දෙකකට පෙර අදාළ බැංකුව විසින් මෙම තීරණය ගෙන තිබීම ද කැපී පෙනෙනවා.
ඒ අනුව National Australia බැංකුවේ අඩුම ස්ථාවර පොලී අනුපාතය සටහන් වී ඇත්තේ සියයට 5.84 ක් ලෙසයි.

අදාළ බැංකුව විසින් ගත් මෙම තීරණය සෙසු බැංකු විසින් ද ඉදිරියේ දී ගනු ඇති බවටයි කැන්ස්ටාර් හි අධ්‍යක්ෂක සැලී ටින්ඩාල් විසින් පෙන්වා දෙන්නේ.
ආර්ථික විශේෂඥයින් විසින් අපේක්ෂා කරන්නේ පෙබරවාරි මාසයේ දී ඔස්ට්‍රේලියා සංචිත බැංකුව විසින් පොලී අනුපාත අඩු කරනු ඇති බවටයි.

කෙසේ වෙතත් සංචිත බැංකුව විසින් තවමත් එවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් සහතික කළ නොහැකි බව ද වැඩිදුරටත් වාර්තා පළ වනවා.