
ඊයේ (02) මෙල්බන් අවට කලාපය පුරාම කුණාටු සහිත කාලගුණික තත්වයක් ඇති වී තිබෙනවා.
මේ හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල හදිසි ගංවතුර තත්වයන් ද ඇතිවී තිබෙන බවටයි වාර්තා වන්නේ.
තද සුළං සහ අකුණු හේතුවෙන් මෙල්බන් නගරයේ කලාප රැසක විදුලිය විසන්ධි වී තිබෙනවා.

කෙසේ වෙතත් කුණාටු තත්වයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ Geelong ප්‍රදේශයටයි.
බෙල්මොන්ට් හි ගස්වල අතු මාර්ග දෙපසට කඩා වැටී තිබෙන බවයි සදහන් වන්නේ.

ප්‍රාන්ත හදිසි සේවා (SES) විසින් අවධාරණය කර ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඔවුන් දුරකතන ඇමතුම් 740 ක් පමණ ලැබී ඇති බවයි.
ඉන් වැඩිම දුරකතන ඇමතුම් ප්‍රමාණයක් ලැබී ඇත්තේ Geelong ප්‍රදේශයෙන් වන බව ද එහි වැඩිදුරටත් සදහන්.