
මෙරට වෛද්‍යවරුන් විසින් Medicare ක්‍රමවේදය ප්‍රතිසංස්කරණය කරන ලෙසට ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනුව ඔස්ට්‍රේලියා වෛද්‍ය සංගමය (AMA) අද (03) Modernise Medicare නමින් සිය යෝජනා මාලාව නිල වශයෙන් නිවේදනය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඔස්ට්‍රේලියා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ඩැනියෙල් මැක්මුලන් විසින් පෙන්වා දී ඇත්තේ දැනට ක්‍රියාත්මක වන Medicare ආකෘතිය 1980 දශකයේ සිට පැවත එන යල් පැනගිය ක්‍රමවේදයක් වන බවයි.

මෙරට වයස්ගත ජනගහනය සහ නවීකරණය වන සෞඛ්‍ය සේවාවන්ට ගැලපෙන පරිදි Medicare වැඩසටහන ප්‍රතිසංස්කරණය සිදු කළ යුතු බවටයි වෛද්‍ය වෘත්තියකයන් විසින් අවධාරණය කර ඇත්තේ.
නව යෝජනා මාලාව හරහා අදියර 7 ක Medicare අයිතම ව්‍යුහයක් (Medicare Item Structure) හදුන්වා දීමට වෛද්‍යවරුන් විසින් සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ප්‍රතිසංස්කරණ සදහා ඉදිරි වසර 4 කාල සීමාව තුළ ඩොලර් බිලියන 4 ක පමණ මුදලක් වැය වනු ඇති බව ද එහි වැඩිදුරටත් සදහන්.