
වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග ප්‍රදේශයේ ලැව්ගිනි කිහිපයක් පාලනයෙන් තොරව ව්‍යාප්ත වන බැවින් එම කලාපයේ ජනතාවට තම නිවෙස්වලින් ඉවත් වන ලෙස දැනුම් දීමක් කර තිබෙනවා.
ලැව්ගින් පාලනයකින් තොරව ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බවයි වාර්තා වන්නේ.
හදිසි අනතුරු ඇඟවීම් දෙකක් තවමත් සක්‍රීයව පවතින අතර නිරිතදිග සහ විම්මෙරා ප්‍රදේශ ඇතුළුව ප්‍රාන්තයේ නිරිතදිග බොහෝ ප්‍රදේශවල ලැව් අවදානම ඉහළ මට්ටමක පවතින බව සදහන්.

ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය අද සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ජනතාව අවදානයෙන් ඉන්නැයි දැනුම් දෙනවා.
මෙල්බර්න් නගරයට කිලෝමීටර් 270ක් පමණ නිරිත දෙසින් පිහිටි ජාතික වනෝද්‍යානයේ දැනට අවම වශයෙන් ලැව් ගිනි තුනක් ඇවිලෙමින් පවතින බව සදහන්.

අවදානම් කලාප වල ජනතාව තවමත් එම ප්‍රදේශවල රැඳී සිටීමට තීරණය කළහොත් හදිසි සේවාවලට ඔබට උදව් කිරීමට නොහැකි වනු ඇතැයි එම අනතුරු ඇඟවීමේ සඳහන් වනවා.