Search

LGBTQA+ ජනතාවට වික්ටෝරියාවෙන් සුබ ආරංචියක්

ඊයේ (02) මෙල්බන් හීදී පැවති Midsumma Pride පාගමන සදහා වික්ටෝරියා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් ද සහභාගී වී තිබෙනවා.

මෙවර එම පාගමන පැවැත් වූයේ 30 වන වරටයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ වාසය කරන LGBTQA+ ප්‍රජාව නියෝජනය කරන විශාල පිරිසක් ඒ සදහා එක්වී තිබීම ද කැපී පෙනෙනවා.

Midsumma Pride පාගමනේ පළමු වැන්න පවත්වා ඇත්තේ 1996 වසරේ දී බවයි පැවසෙන්නේ.

ප්‍රාන්ත විපක්ෂය නියෝජනය කරමින් නියෝජ්‍ය විපක්ෂ නායක ඩේවිඩ් සවුත්වික් සහ තවත් ලිබරල් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ද ඒ සදහා සහභාගී වී තිබෙන බවට වාර්තා වනවා.

එහිදී LGBTQA + ප්‍රජාව සහ ආබාධිත පුද්ගලයන් ඉලක්ක කරගෙන සිදුවන වෛරී ප්‍රකාශන වැළැක්වීම සදහා අවශ්‍ය නීති සංශෝධනය වෙනුවෙන් ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ගෙන ආ පනත් කෙටුම්පත ට සහය දක්වන ලෙසයි වික්ටෝරියා අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් විසින් විපක්ෂයෙන් ඉල්ලා ඇත්තේ.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »