Search

දුර්ලභ පිළිකා රෝගයකට ඉතාම වැදගත් ඖෂධයක මිල අඩු කෙරේ

දුර්ලභ පෙනහළු පිළිකා රෝගයක් සදහා ඉතාමත් වැදගත් ඖෂධයක මිල අඩු කිරීමට ෆෙඩරල් රජය විසින් පියවර ගෙන තිබෙනවා.

Retevmo නමින් හැදින්වෙන මෙම ඖෂධය සදහා මීට පෙර රෝගීන්ට මාසිකව ඩොලර් 10,000 ක මුදලක් වැය වී ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ වනවිට එම ඖෂධ ඇතුලත් එක් කාඩ් පතක මිල සටහන් වන්නේ ඩොලර් 30 ක් ලෙසයි.

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය විසින් ක්‍රියාත්මක කරන ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය (PBS) හරහා මෙම ඖෂධයේ මිල අඩු කිරීමටයි මෙහිදී පියවර ගෙන ඇත්තේ.

විශේෂඥ වෛද්‍ය ටොම් ජෝන් විසින් පෙන්වා දෙන්නේ මෙම දුර්ලභ රෝගය පෙනහළු පිළිකා රෝගීන්ගෙන් 1% ක් හෝ 2% ක් අතර ප්‍රමාණයකට ඇති විය හැකි බවයි.

අදාළ රෝගී තත්වය සදහා දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබා ගතහොත් ඒ සදහා දළ වශයෙන් ඩොලර් 100,000 ක් හෝ ඩොලර් 200,000 ක මුදලක් වැය වන බව ද එහි වැඩිදුරටත් සදහන්.