
ඔස්ට්‍රේලියාවේ උසම දැව මහල් නිවාස සංකීර්ණය මෙල්බන් හිදී ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.
මහල් 17 කින් යුත් වෙනස්ම හැඩයකින් සෑදුනු apartment 200 කට අනුව මෙම නිවාස සංකීර්ණය මෙල්බන්හි ඇබොට්ස්ෆර්ඩ් ප්‍රදේශයේ ඉදිකෙරෙනු ඇති.
ගෝලීය ප්‍රමිතියකට අනුව තිරසාර සංවර්ධනයක් අරමුණු කරමින් ඩොලර් මිලියන 120 ක ආයෝජනයකට අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම නිවාස සංකීර්ණයට six-star , Green Star සහ nine-star ශ්‍රේණිගත කිරීම් ලැබෙනු ඇති බවයි ව්‍යපෘති සංවර්ධන කණ්ඩායම විශ්වාස කරන්නේ.
ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම පුනර්ජීවන බලශක්තිය යටතේ ක්‍රියාත්මක කරන බව ද ඔවුන් සඳහන් කළා.

පදිංචිකරුවන්ගේ සෞඛ්‍ය තත්වය වෙනුවෙන් ගොඩනැගිල්ල කාබනීකරණයෙන් යුක්තව නිර්මාණය කිරීම ඔවුන්ගේ ප්‍රමුඛ කාර්ය වනු ඇති.