
වයස අවුරුදු 19 න් පහළ කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
ඒ අද (02) පැවති අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම කණ්ඩායම කඩුලු 09 කින් පරාජය කිරීමත් සමඟයි.
ක්වාලාලම්පූර් හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දු වාර 20 අවසානයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 82 ක් පමණයි.
ලකුණු 83 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දු වාර 11 පන්දු 02 තුළ එම ඉලක්කය පසු කර ගියා.

ඒ අනුව මෙවර වයස අවුරුදු 19 න් පහළ කාන්තා T20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වුණේ ඉන්දීය කණ්ඩායමයි.