
පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ ළමුන් මෝටර් රථ තුළ දමා නොයන ලෙස මෝටර් රථ බලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ඔස්ට්‍රේලියාවේ මෙල්බන්, ඇඩිලේඩ්, පර්ත්, බ්‍ර්ස්බන් සහ සිඩ්නි නගරවල මේ දිනවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ට ආසන්න අගයක් ගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ළමුන් මෝටර් රථයක් තුළ දමා යාම 1998 ළමා හා තරුණ පුද්ගලයින්ගේ රැකවරණය සහ ආරක්ෂාව පනත යටතේ නීති විරෝධී වන අතර එහිදී ඩොලර් 22,000 (විසි දෙදහසක) දඩයක් නියම කළ හැකි වනවා.

වික්ටෝරියා ළමා ආරක්ෂක සංවිධානය පවසන්නේ දරුවෙකුගේ ශරීර උෂ්ණත්වය වැඩිහිටියෙකුට වඩා තුන් හෝ පස් ගුණයකින් වේගයෙන් ඉහළ යන බැවින් දරුවෙකුගේ ශරීරයට තාපයේ බලපෑම ක්ෂණිකව සිදුවන බවයි.
මෝටර් රථයක් තුළ සිදුවන මෙවැනි අනතුරු හේතුවෙන් දරුවන්ගේ මොළයේ තුවාල, හෘදය හා පෙනහළු අකර්මණ්‍යවීම හා විජලනයවීමේ වැඩි අවදානමක් පවතිනවා.
