Search

වික්ටෝරියා දෙමාපියන්ට නොමිලේම Safety Tips

වික්ටෝරියාහි දරුවන් මාර්ගවලදී ආරක්ෂා කිරීමට දෙමාපියන්ට නොමිලේ Safety Tips කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

2014 සිට 2024 දක්වා කාලයේ වික්ටෝරියාවේ මාර්ගවල දී වයස අවුරුදු 5ත් 15 ත් අතර ළමුන් 56 දෙනෙකු මියගොස් ඇති අතර එම මරණ පාසල් වේලාවන් තුළ සිදුවී ඇති බවයි ප්‍රවාහන අනතුරු කොමිෂන් සභා දත්තවල දැක්වෙන්නේ.

ඒ අනුව සෑම විටම වාහනය පණගැන්වීමට පෙර දරුවා ගැන අධීක්ෂණය කරන ලෙසත් වාහන තුළ ඇති නවීන ආරක්ෂිත කැමරා සංවේදක වැඩිදියුණු කරන ලෙසත් බලධාරීන් දැනුම් දෙනවා.

වයස අවුරුදු 12 ට අඩු ළමුන් හැකි සෑම විටම පිටුපස අසුනේ වාඩි වියයුතු බවත් ඉදිරිපස අසුනේ ළමුන් සිටීමෙන් බරපතල තුවාල ලැබීමේ අවදානමක් පවතින බැවින් දරුවන්ට හැකි සෑම විටම රථයේ ආසන පටි පළඳින ලෙස වික්ටෝරියා බලධාරීන් අවධාරණය කළා.

එමෙන්ම පාසැල් කළාප සංඥා කෙරෙහි දැඩි අවධනයක් යොමුකරමින් එම කළාප තුළ වේගසීමාව පාලනය කර ආරක්ෂිතව රිය ධාවනයේ කරන ලෙසයි ඔවුන් රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මෝටර් රථයක් තුළ පවතින උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ත් 30 ත් අගයක් ගන්නා බැවින් දරුවන් විනාඩියකටවත් මෝටර් රථය තුළ දමා නොයන ලෙස ද වික්ටෝරියා බලධාරීන් වැඩිහිටියන්ට දැනුම් දෙනවා.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »