Search

විදෙස් සිසුන් හා සංක්‍රමණිකයන් නිසා මෙල්බන් ජනගහනයේ වෙනසක්

පසුගිය වසර තුළ මෙරට ජනාකීර්ණ නගර අතර දෙවන ස්ථානය මෙල්බන් වෙත හිමි වී තිබෙනවා.

එහි ජනගහනය ආසන්න වශයෙන් මිලියන 4.25 ක් පමණ වන අතර විදෙස් සිසුන් හා සංක්‍රමණිකයන් වැඩි වශයෙන් මෙල්බන් නගරයට පැමිණීම ඊට හේතුව වී තිබෙන බවයි World Population Review විසින් පෙන්වා දී ඇත්තේ.

World Population Review විසින් 2024 වසරේ දී ඔස්ට්‍රේලියාවේ ජනගහනය අධිකම නගර 15 නම් කරනු ලැබූ අතර මෙවරත් එහි පළමු තැන හිමි වූයේ සිඩ්නි නගරයටයි.

සිඩ්නි හි ජනගහනය ආසන්න වශයෙන් මිලියන 4.63 ක් පමණ වන බවයි එම දත්ත වාර්තාවේ සදහන් වී ඇත්තේ.

මෙහි තුන් වන ස්ථානය බ්‍රිස්බන් වෙත ලැබී තිබෙන අතර 2024 වර්ෂයේ දී නගරයේ ජනගහනය මිලියන 2.19 ක් පමණ වන බවයි දැක්වෙන්නේ.

World Population Review දත්ත වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ ජනගනය අධිකම සෙසු නගර අතරට පිළිවෙලින් පර්ත්, ඇඩිලේඩ්, ගෝල්ඩ් කෝස්ට්, කැන්බරා සහ නිව් කාසල් යන නගර ඇතුලත් වී තිබෙනවා.

ඒ අනුව පසුගිය වර්ෂයේ දී ඔස්ට්‍රේලියාවේ ජනගහනය සියයට 0.99 කින් ඉහළ ගොස් තිබීම ද කැපී පෙනෙනවා.

2024 වසරේ දී ශ්‍රී ලංකාවේ ජනගහනය සියයට 0.57 කින් ඉහළ ගොස් ඇති බව ද එහි වැඩිදුරටත් සදහන්.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »