Search

ඔස්ට්‍රේලියා ප්‍රාන්තයකට ගංවතුරෙන් පීඩා දහස් ගණන් පීඩා

උතුරු ක්වින්ස්ලන්ඩ්හි පවතින දැඩි වර්ෂාව සහ ගංවතුර තත්වය හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දහස් ගණනක් අවතැන්ව සිටිනවා.

ක්වින්ස්ලන්ඩ් අග්‍රාමාත්‍යවරයා තහවුරු කළේ ටවුන්ස්විල් සිට කිලෝමීටර් 100 ක් දුරින් පිහිටි ප්‍රදේශයේදී SES ගලවා ගැනීමේ කාර්ය මණ්ඩලය රැගත් බෝට්ටුවක් ගසක වැදී පෙරළීමෙන් එහි සිටි කාන්තාවක් මියගොස් ඇති බවයි.

බෝට්ටුවේ සිටි අනෙක් පස් දෙනා ආරක්ෂිතව ගොඩගත් බවද පොලීසිය පැවසුවා.

පවතින දැඩි වර්ෂාව සහ ගංවතුර තත්වය ඉතා ඉක්මනින් සමනය නොවන බව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අඟවනවා.

ක්වීන්ස්ලන්ඩ්හි ඊසාන දිග වෙරළ තීරයට සුළං සහිත දරුණු මෝසම් කාලගුණයක් අපේක්ෂා කරනු ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

මෙම හදිසි ගංවතුර හේතුවෙන් ටවුන්ස්විල් සහ ඉන්ග්හැම් වැසියන් ප්‍රදේශයෙන් ඉවත් කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර පැය 6 ක පමණ කාලයක් පැවති වර්ෂාව මිලිමීටර් 160 ත් 250 ත් අතර වන බව ද කාර්යාංශය කියාසිටියා.

හදිසි ගංවතුර තත්වය හේතුවෙන් ක්ලූඩන්, හර්මිට් පාර්ක්, ඉඩාලියා, ඕනූන්බා, දුම්රිය වතුයාය සහ රොස්ලියා හි පදිංචිකරුවන්ට අද දේශීය වේලාවෙන් දහවල් 12 වන විට සිය නිවෙස්වලින් පිටව යන ලෙසයි දැනුම් දී ඇත්තේ.