Search

‘Pay-to-Stay’ වීසා ක්‍රමයක් ගැන විපක්ෂයෙ අවදානය

චීන සංක්‍රමණික ආයතනයක් සමග එක්ව  ‘pay-to-stay’ නම් යෝජනාවක් ගෙන ඒමට විපක්ෂ නායක පීටර් ඩර්ටන් සුදානම් වනවා.

ධනවත් විදේශීය ආයෝජකයින්ට ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම වේගවත් කිරීමට ඉඩ සලසා දීමේ අරමුණින් මෙම යෝජනාව ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

The Queen of Immigration නම් ලියාපදිංචි සංක්‍රමණික ආයතනයක් විසින් සැලකිය යුතු ලෙස විදෙස් ආයෝජක වීසා බලපත්‍ර ලබා දීම ඔස්ට්‍රේලියාව තුළ පුලුල් කරන ලෙස විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මීට පෙර ඔස්ට්‍රේලියාව තුල අවම වශයෙන් ඩොලර් මිලියන 5ක් ආයෝජන කළ හැකි ධනවතුන්ට ඒ සදහා වීසා ලබා ගැනීම පහසු වුවත් වත්‍මන් රජය විසින් එම අවස්ථා සම්බන්ධයෙන් සීමා පනවා ඇති බවයි සංක්‍රමණික ආයතන පෙන්වා දෙන්නේ.

ප්‍රකාශයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සදහන් කළේ ආයෝජන වීසා බලපත්‍ර ලබා දීම කෙරේ තම පක්ෂ රජයක් තුල සූදැනම් බවයි.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »