
ජුනි මස මුල වනවිට විශාල කොරෝනා එන්නත් කිරීමේ මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීමට සැලසුම් කොට ඇති බව දකුණු ඕස්ට්‍රේලියා රජය පවසයි.
දකුණු ඇඩිලේඩ් හි Noarlunga සහ උතුරු ඇඩිලේඩ් හි Elizabeth යන ප්‍රදේශ වල මෙලෙස එන්නත්කරන මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිත අතර මෙම ස්ථාන මගින් සතියක් තුල Pfizer එන්නත් මාත්‍රා 3,000ක් ලබාදීමට අපේක්ෂා කෙරේ.
මේ අතර වික්ටෝරියානු වැඩබලන අග්‍රාමාත්‍ය James Merlino සඳහන් කොට සිටින්නේ කොරෝනා වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ පියවරක් ලෙස කොරෝනා එන්නත් ලබාදීමේ මධ්‍යස්ථාන පිහිටුවීම සම්බන්ධයෙන් සහාය පලකරන බවයි.
