Search

ගමන් මලුවල තිබූ දෙයක් නිසා ඇමරිකානු කතුන්ට මෙල්බන් ගුවන් තොටුපළේදී සිදුවූ දේ

මෙල්බන් ගුවන් තොටුපළේදී ගමන් මලු තුළ මත්ද්‍රව්‍ය තොගයක් සඟවාගෙන ආ සංචාරකයින් දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබෙනවා.

පසුගිය ජනවාරි 22 වනදා 22 හැවිරිදි ඇමරිකානු ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්රෑම් 18 ක් සහ කොකේන් කිලෝග්රෑම් 2 ක් සොයාගනු ලැබුවා.

ඇයට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කෙරුණු අතර අප්‍රේල් 23 වනදා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

22 හැවිරිදි අනෙක් කාන්තාව පෘතුගීසි ජාතිකයෙකු වන අතර ඇමරිකාවේ සිට මෙරටට පැමිණි ඇයට එරෙහි චෝදනාව වන්නේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ලඟ තබාගැනීම යි.

ඇයට ද ඇප ප්‍රතික්ෂේප වූ අතර ලබන මැයි මස 5 වනදා අධිකරණයට ඉදිරිපත් කෙරෙන බව මාධ්‍ය වාර්තාවල සඳහන්.

ෆෙඩරල් පොලිස් නිලධාරීන් අන්තර්ජාතික මත්ද්‍රව්‍ය කල්ලිවලට සම්බන්ධ පුද්ගලයින් ඇතුළුව ඕස්ට්‍රේලියාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ආනයනය මර්දනය කරමින් සිටින බවයි ඒ.එෆ්.පී. කමාන්ඩර්වරයා කියාසිටියේ.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »