Search

අවුරුදු 4ක දැරියකට දරුණු හිංසා කළ ක්වින්ස්ලන්ඩ් කතකට චෝදනා

දරුවෙකු අපයෝජනය කිරීම සහ වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ක්වින්ස්ලන්ඩ් කාන්තාවකට චෝදනා එල්ල වී තිබෙනවා.

විමර්ශන නිලධාරීන් පවසන්නේ ඔවුන් මෙතෙක් දැක ඇති දරුණුතම ශාරීරික අපයෝජන නඩු වලින් එකක් ලෙස මෙය හැදින්විය හැකි බවයි.

වයස අවුරුදු 4ක කුඩා දැරියක් සැලකිය යුතු තුවාල ලබා සිටිනු දැක පුද්ගලයින් පිරිසක් විසින් මේ පිළිබඳ පොලීසියට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව 32 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දැරිය ලෝගන් රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඇයට තැලීම්, පිළිස්සුම්, අස්ථි බිඳීම් සහ විකෘති කිරීම් ඇතුළු විශාල තුවාල ඇති බව සොයා ගෙන තිබුණා.

පරීක්ෂණ වලදී අනාවරණය වන්නේ දැරියට දීර්ඝ කාලයක් තිස්සේ දරුණු ශාරීරික හිංසනයන් සිදුකර ඇති බවයි.

පොලිස් නිලදාරින් සදහන් කළේ සැකකාර කාන්තාව එම දරුවා විවිධ ස්ථාන වෙත රැගෙන ගොස් මෙලෙස පීඩා කර ඇති බවයි.

නමුත් දරුවා ඇයේම දරුවෙක්ද යන්න අනන්‍යතාව හෙළිව නැහැ.

සැකකාර කාන්තාව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ක්වින්ස්ලන්ඩ් පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »