
වසරකට ආසන්න කාලයක් වික්ටෝරියා,බැරලට් ප්‍රදේශයේ අතුරුදන් වී සිටින සමන්තා මර්ෆිගේ සිරුර සොයා ගැනීමට වික්ටෝරියා පොලිසියට තවමත් හැකිව නැහැ.
51 හැවිරිදි මර්ෆි අවසන් වරට දැක ඇත්තේ පෙබරවාරි 4 වන දින කැනේඩියානු වනාන්තරය දෙසට ඇය
උදෑසන ව්‍යායාම් කිරීම සදහා පිටත්වන අයුරුයි.

වසරකට ආසන්න කාලයක් තුළ මේ සම්බන්ධ නොයෙක් සාක්ෂි හමුවුවද එය ඝාතනයක් වන අතර මෙතෙක් ඇයගේ දේහය ගැන කිසිදු සාක්ෂියක් ලැබී නැහැ.
ඇය අතුරුදහන් වී මාසයකට වැඩි කාලයකට පසු පැට්‍රික් ඔරන් ස්ටීවන්සන්ට නැමැති තරුණයෙකුට මිනීමැරුම් චෝදනා එල්ල වුණා.

එසේම ජූනි මාසයේදී, අතුරුදහන් වූවන්ගේ සංචිතයේ රහස් පරීක්ෂකයින් විසින් මර්ෆිගේ ජංගම දුරකථනය මර්ෆිගේ බැරලට් නිවසේ සිට මිනිත්තු 10 ක් පමණ දුරින් වූ වේල්ලක් අසල තිබී සොයා ගත්තා.
වසරක් ගත වුවද, වික්ටෝරියා පොලිසිය විශ්වාස කරන්නේ මර්ෆිගේ සිරුර සොයා ගත හැකි බවයි.
වික්ටෝරියා පොලිසිය සහ තවත් සේවා අංශ රැසක් එක්ව විමර්ශන දිගින් දිගටම සිදු කෙරෙන බව පොලීසිය යළිත් අවදාරණය කරනවා.
අතුරුදන් සමන්තා මර්ෆිගේ පවුලේ අයද මව ගැන තොරතුරක් ලැබෙන තෙක් පොසීලියට අවශ්‍ය උපරිම සහය ලබා දෙන බව සදහන් කර තිබෙනවා.