Search

වික්ටෝරියානුවන් කෑම රස කරන්න භාවිත කරන නිශ්පාදන පෙළක් යළි කැඳවයි

ඔස්ට්‍රේලියානුවන් අතර ආහාර රස කිරීමට භාවිත කරන නිශ්පාදන පෙලක ඇසුරුම් හි ප්ලාස්ටික් අඩංගු විය හැකි බවට ඇති බිය හේතුවෙන් යළි කැදවා තිබෙනවා.

මෙලෙස කැදවා ඇත්තේ  Cape Herb & Spice grinders නැමැති නිශ්පාදනයි.

නිව් සවුත් වේල්ස්, ක්වින්ස්ලන්ඩ් , වික්ටෝරියා  සහ බටහිර ඔස්ට්‍රේලියා හි සිල්ලර වෙළෙන්දන් තුළ මෙම නිෂ්පාදන අළෙවි කර තිබුණා.

Rex Imports Australia Pty Ltd විසින් ආනයනික නිශ්පාදන පෙලක් වන මෙය මෙලෙස කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව Sweet and Smoky BBQ seasoning, Atlantic Sea Salt, Extra Bold Peppercorn, Chilli and Garlic Seasoning, Himalayan Pink Salt, and Salt and Pepper නිශ්පාදන පෙළ මෙලෙස කැදවා ඇති බව සදහන්.

වික්ටෝරියා හි මෙම නිශ්පාදන අලෙවිය වඩාත් ඉහළ බව වාර්තා වනවා.

ඔස්ට්‍රේලියා ආහාර ප්‍රමිති ආයතනය විසින් සදහන් කර ඇත්තේ එම නිෂ්පාදනවල ප්ලාස්ටික් අඩංගු විය හැකි බවයි.

ප්ලාස්ටික් අඩංගු ආහාර නිෂ්පාදන පරිභෝජනය කළහොත් ශරීරයේ අභ්‍යන්තර තුවාල ඇතිවිය හැකි බවයි.

මේ වන විටත් එම නිශ්පාදන මිලදි ගෙන ඇති අය සිටී නම් එම අළෙවිසැල් වෙත භාර දී මුදල් ලබා ගන්නා ලෙස සදහන්.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »