
පසුගිය වසරේ අවසන් කාර්තුව තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුවූ දරු උපත් සම්බන්ධ නවතම දත්ත වාර්තාවක් නිකුත් වී තිබෙනවා.
මෙම දත්ත වාර්තාව නිකුත් කර ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්ත නිල වෙබ් අඩවිය විසිනුයි.
ඒ අනුව පසුගිය වසරේ අවසන් මාස 03 ක කාල සීමාව තුළ ප්‍රාන්තය තුළ උපත ලැබූ දරුවන් ප්‍රමාණය 17,877 ක් වනවා.

අදාළ කාල සීමාව තුළ පිරිමි දරුවන් 9,206 ක් ද ගැහැණු දරුවන් 8,671 ක් ද උපත ලබා තිබෙන බවයි දැක්වෙන්නේ.
පසුගිය වසරේ අවසන් මාස තුනට අදාළ කාර්තු දත්තවලට අනුව වැඩිම දරු ප්‍රමාණයජ් සිදු වී ඇත්තේ ඔක්තෝබර් මාසයේ දී වීම ද කැපී පෙනෙනවා.

එම දරු උපත් ප්‍රමාණය සටහන් වී ඇත්තේ 7,042 ක් ලෙසයි.
නොවැම්බර් මාසය තුළ දරු උපත් 5,090 ක් ද දෙසැම්බර් මාසය තුළ දරු උපත් 5,745 ක් ද සිදුව ඇති බවට එහි වැඩිදුරටත් සදහන්.