
මෙල්බන් නගරයේ නිවාස මිල ඉතා අඩු අගයකින් පහත වැටී තිබෙනවා.
PropTrack විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව මෙල්බන්හි නිවාස මිල සියයට 0.3 ක් සහ සිඩ්නි හි නිවාස මිල සියයට 0.231 ක් බවයි වාර්තා වන්නේ.
ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොල වසර දෙකකට ආසන්න කාලයක් තුළ පළමු වතාවට අඛන්ඩව පහළ ගොස් ඇති බවයි පොප් ට්රැක් ආයතනය පවසන්නේ.

සෑම අගනගරයකම පාහේ ජනවාරි මාසයේදී දේපල මිල ගණන් අඛණ්ඩව පහත වැටුණ ද මෙම පසුබෑම කෙටිකාලීන විය හැකි බව වාර්තාවල සඳහන්.
ජනවාරි මාසයේදී ඉහළ මිලක් වාර්තා වූ එකම අග නගරය වන්නේ බ්‍රිස්බන් වන අතර එය එම මාසය තුළ සියයට 0.08 ක ඉහළ යාමකි.

පර්ත්, ඇඩිලේඩ් සහ බ්‍රිස්බන් තවමත් ඔස්ට්‍රේලියාවේ ඉහළම ප්‍රාග්ධන නගර තුන වන අතර එය පිළිවෙලින් සියයට 15.38, 12.41 සහ 10.44 කින් ඉහළ ගොස් තිබෙනවා.
නිවාස මිල ගණන් පහළ ගියද 2020 මාර්තු මාසයේ සිට ජාතික නිවාස මිල ගණන් තවමත් සියයට 45 කින් වැඩි වී ඇති බවයි මාධ්‍ය වාර්තා කියා සිටින්නේ.