Search

මෙල්බන් සිට අඩු කාලයකින් ලොස් ඇන්ජලීස් යන්න ලබන දෙසැම්බර් සිට අවස්ථාවක්

මෙල්බන් සිට ලොස් ඇන්ජලීස් දක්වා දිවෙන ගුවන් මාර්ගය සදහා වැඩි තරගකාරී පසුබිමක් නිර්මාණය වෙමින් පවතිනවා.

ඒ Delta Air Lines විසින් ලබන දෙසැම්බර් මස මුල් භාගයේ සිට නගර දෙක අතර දිවෙන ගුවන් මාර්ගය තුළ සිය ගුවන් සේවාවන් ආරම්භ කරන බවට දැනුම් දීමත් සමඟයි.

එය ඊයේ (01) මෙල්බන් ගුවන් තොටුපළ විසින් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව ලබන දෙසැම්බර් මාසයේ සිට Delta Air Lines සතියකට තුන් වරක් මෙල්බන් වෙත පියාසර කිරීමට නියමිතයි.

අදාළ ගුවන් සමාගමේ Air Bus A350 ගුවන් යානා භාවිතයෙන් ගුවන් සේවාවන් පුළුල් කිරීමටයි මෙහිදී තීරණය කර ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්ත සංචාරක අමාත්‍ය ස්ටීව් ඩිමොපොලොස් විසින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ මෙම වැඩපිළිවෙල හරහා ඇමෙරිකාවේ සිට වික්ටෝරියා ප්‍රාන්තය වෙත සංචාරකයින් දහස් ගණනින් රැගෙන එනු ඇති බවයි.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »