ඔස්ටේ්‍රලියා – නවසීලන්ත සංචාරක බුබුළු ක්‍රමයට ගුවන් ගමන් අද සිට

ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය අතර සංචාරක බුබුළු ක්‍රමයට ගුවන් ගමන් අද සිට යළි ආරම්භ කෙරේ.

ටස්මන් මුහුද හරහා ගමන් කරන සංචාරකයින් සඳහා ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට නිරෝධායන සීමාවන් අහෝසි කිරීම සඳහා නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව එකග විය.

දේශසීමා වසා දැමීමෙන් වසරකට වැඩි කාලයක් ගත වීමෙන් පසු ගන්නා මෙම පියවර හරහා, වෙන්වූ පවුල් සහ මිතුරන් නැවත එක්වීම දැකගත හැකිය.

ක්වන්ටාස්, ජෙට්ස්ටාර් සහ Air NewZealand සඳුදා පමණක් ටස්මන් මුහුද හරහා ගුවන් මගීන් 10,000 ක් පමණ පියාසර කිරීමට අපේක්ෂා කරයි.

පසුගිය සතියේ Tourism Australia නවසීලන්තයට ඩොලර් මිලියන 3.1 ක ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළ අතර ඕස්ට්‍රේලියාවට එන ලෙස පළමු නවසීලන්ත සංචාරකයින්ට ආරාධනා කළේය.

ඕස්ට්‍රේලියාව, නවසීලන්ත සංචාරකයින්ට ප්‍රියතම සංචාරක ගමනාන්තය වන අතර, 2019 දී සංචාර මිලියන 1.4 ක මුළු වියදම ඩොලර් බිලියන 2.6 කි.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »