Search

ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයකදී ලැබූ දරුණුම පරාජයේ වාර්තාව අලුත් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමකින් සහ ලකුණු 242 කින් ජය ලැබීමට සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අද (01) සමත් වුණා.

ඉකුත් ජනවාරි 29 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුලු 06 ක් පමණක් දැවී ලකුණු 654 ක් රැස් කිරීමට සමත්කම් දැක්වූවා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් උස්මන් කවාජා ලකුණු 232 ක් ද ස්ටීව් ස්මිත් සහ ජෝශ් ඉන්ග්ලිෂ් ශතක රැස් කළා.

සිය පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 165 ක් පමණයි.

ඉනිමක පරාජයෙන් බේරීම සදහා ලකුණු 489 ක් පසුපසින් සිය දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 247 ක් පමණයි.

මෙය ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයක දී ලැබූ දරුණුම පරාජය ද වනවා.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය පෙබරවාරි 06 වනදා ආරම්භ වීමට නියමිතයි.