Search

සැහැල්ලු ගුවන් අනතුරෙන් 6 ක් ජීවිතක්ෂයට

plan crash

ප්‍රතිකාර සඳහා රැගෙන යමින් සිටි රෝගී දරුවෙකු ඇතුළු තවත් 5 දෙනෙකු අමරිකා ගුවන් අනතුරෙන් මියගියා.

එම වෛද්‍ය ප්‍රවාහන ජෙට් යානය ගුවන් ගතවී තත්පර 30 ක් ගතවීමට මත්තෙන් ඊයේ ෆිලඩෙල්ෆියා ප්‍රදේශයේ නිවෙස් සහ වාහන කිහිපයකට හානි කරමින් පොළවට පතිත වුණා.

එහිදී රෝගියා සහ තවත් මගියෙකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු මියගොස් ඇති අතර දිවි ගලවා ගත් කිසිවෙකුත් තවමත් සොයාගෙන නොමැති බවයි එරට පොලීසිය සඳහන් කළේ.

මගීන් 60 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු රැගත් ඇමරිකානු ගුවන් යානයේ බිහිසුණු අනතුර සිදුව දින දෙකක් යන්නටත් මත්තෙන් තවත් එවැනි අනතුරක් සිදුවීමෙන් බොහෝ දෙනෙක් කම්පාවට පත්ව තිබෙනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිය කනගාටුව පළකර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ෂණ සිදුකරනවා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »