
TAFE සඳහා පාර්ලිමේන්තුවේ දී නව නීති සම්පාදනය කිරීමට අගමැති ඇන්තනී ඇල්බනීස් සූදානම් වනවා.
ඉදිරියේදී යෝජනා වී ඇති නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය දැනුම ලබාදීමේ නව වැඩපිළිවෙලක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි මාධ්‍ය හමුවකදී අගමැතිවරයා පවසා සිටියේ.
එහිදී රට තුළ පවතින නිපුණතා උපයෝගී කර ගනිමින් නිවාස ඉදිකිරීමේ නවීන ක්‍රම පිළිබඳව මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ද යෝජනා වී ඇතැයි අග්‍රාමාත්‍යවරයාගේ නිළ වෙබ් අඩවියේ සඳහන්.

ඒ අනුව මෙල්බන් පොලිටෙක්නික් හයිඩ්ල්බර්ග් විශ්ව විද්‍යාලය සමග ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
තරුණ ඔස්ට්‍රේලියානුවන්ට අවශ්‍ය කුසලතා ලබාදීම මෙන්ම පුහුණු ශ්‍රමිකයන් ඉලක්ක කර ගත් මෙම වැඩසටහන අනාගත ආයෝජනයක් වනු ඇති බවටයි සැලකෙන්නේ.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් වැඩි දුරටත් කියා සිටියේ රටේ ජලනල, වඩු කාර්මිජ සහ ඉදිකිරීම් යන ක්ෂේත්‍රවල නිපුණතා හිඟයක් පවතින බැවින් මෙම නිපුණතා පුහුණු වැඩසටහන් සම්පූර්ණ කිරීමෙන් පසු ඔවුන්ට රට තුළ සෑම විටම ඉල්ලුමක් පවතින බවත් හොඳ වැටුපක් සහිත රැකියාවල නිරත විය හැකි බවයි.
ඉදිකිරීම් ආධුනිකත්ව පුහුණුව සඳහා ඩොලර් දස දහසක දිරිගැන්වීමක් ලබාදීමට ද පසුගියදා ෆෙඩරල් රජය විසින් තීරණය කළා.