Search

මෙල්බන් අධික උණුසුම වසර 10 ක වාර්තා බිඳින ලකුණු

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන් හි උෂ්ණත්වය සීග්‍ර ලෙස ඉහළ යෑමේ අවදානමක් මතු වී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ මෙල්බන් නගරයේ ඉහළම උෂ්ණත්වය සටහන් වූයේ සෙල්සියස් අංශක 31 ක් ලෙසයි.

කෙසේ වෙතත් හෙට සිට අනිද්දා දක්වා මෙල්බන් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 31 සිට 38 දක්වා ඉහළ යා හැකි බවටයි අනුමාන කෙරෙන්නේ.

2014 වර්ෂයෙන් පසුව නගරය තුළ ඉහළම උෂ්ණත්වයක් වාර්තා වන දින අතුරින් එකක් ලෙසයි එය සැලකෙන්නේ.

මේ අතර අද දිනයේ දී ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවලට දැඩි තාප තරංග (Heatwaves) තත්වයන් ඇතිවී ඇතැයි වාර්තා වනවා.

කාලගුණ විද්‍යා කාර්යංශය (BOM) විසින් පෙන්වා දී ඇත්තේ අද සිට ලබන සතිය දක්වා වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, දකුණු ඔස්ට්‍රේලියා, Nothern Territory, බටහිර ඔස්ට්‍රේලියා සහ ටස්මේනියා යන ප්‍රාන්ත වල ප්‍රදේශ රැසක අඩු වැඩි වශයෙන් මෙම තත්වය වර්ධනය විය හැකි බවයි.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »