
හෙට (03) සිට ඔස්ට්‍රේලියාව තුළ බීර මිල කැපී පෙනෙන අගයකින් ඉහළ යෑමේ අවදානමක් මතුව තිබෙනවා.
ඒ බීර නිෂ්පාදකයන් සහ ෆෙඩරල් රජය අතර පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.
මේ අනුව 2% ත් 3% ත් අතර අගයකින් එනම් බීර පයින්ට් එකක් ඩොලර් 15 ක් වැනි අගයක් දක්වා ඉහළ යෑමේ අවදානමක් මතුව තිබෙනවා.

ඔස්ට්‍රේලියා Brewers සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ප්‍රෙස්ටන් විසින් ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටින්නේ රට පුරා සිටින බීර නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් වෙනුවෙන් මෙම ගැටළුව විසදීම සදහා කඩිනම් පියවර ගන්නා ලෙසටයි.
රට තුළ බියර් සදහා දැනටමත් ලොව ඉහළම බදු ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවයි ඔහු විසින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

මත්පැන් බද්ද යනු ෆෙඩරල් රජයට ඩොලර් මිලියන ගණනක මූල්‍ය උත්පාදනය කර දෙන ආදායම් මාර්ගයක් ලෙස ද එහි වැඩිදුරටත් සදහන්.