Search

ඔස්ට්‍රේලියාවේ නොමිලේ අධ්‍යාපනය හැදෑරීමට ලාංකිකයින්ට තවත් අවස්ථාවක්

ශ්‍රී ලාංකික සිසුන්ට අයදුම්කල හැකි ඔස්ට්‍රේලියානු  විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව කිහිපයක් පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව 2026 වසරට අදාලව Australia Awards වැඩසටහන සදහා අයදුම් කිරීමට සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකිකයින්ට අද සිට අවස්ථාව පවතිනවා.

ලබන අප්‍රේල්30 වනදා දක්වා මේ සදහා අයදුම් කළ හැකියි.

මේ යටතේ ඔස්ට්‍රේලියාව තුළ දී පර්යේෂණ අධ්‍යන පාඨමාලා හැදෑරීමටයි ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමිවන්නේ.

නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට ගුවන් ගාස්තු අධ්‍යන ගාස්තු, ජීවන වියදම් දීමනා ඇතුලු දීමනා රැසක් ලබා ගැනීමේ අවස්ථාව ද හිමිවනවා.

සුදුසුකම් සැපිරූ ශ්‍රී ලාංකිකයින්ට එම සුදුසුකම් කවරේද යන්න ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් වෙබ් අඩවියට පිවිස ලබාගත හැකියි.

අධ්‍යන පාඨමාලා සදහා ප්‍රමුඛත්වය ලබා දෙන ක්ෂේත්‍ර කිහිපයක් ද ඔස්ට්‍රේලියානු රජය විසින් හදුන්වා දී තිබෙනවා.

More details –

https://www.dfat.gov.au/people-to-people/australia-awards/participating-countries/sri-lanka-information-for-intake?fbclid=IwZXh0bgNhZW0CMTEAAR1cJNL8Ij6OJnoJkPAaus_hUFswkcUZjjfiUAECFnzadhkxGdabSh1isQc_aem_4uuO12yVONPqpAX4bkN9rw