Search

ඔස්ට්‍රේලියා Student Visa ගැන අලුත්ම දැනුම්දීමක්

student visa

ශිෂ්‍ය වීසා නිකුත් කිරීම පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ වාර්තා ගත මට්ටමින් ඉහළ ගොස් තිබෙනවා.

විදේශයන්හි සිට අයදුම් කරන විශ්ව විද්‍යාල සිසුන් සඳහා වීසා ප්‍රදානය පසුගිය නොවැම්බරයේ 17,000 (දහ හත් දහසකට) ආසන්න වූ බවයි ස්වදේශ කටයුතු සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ.

ඒ අතර ඉන්දියාව ප්‍රමුඛ තැනක් ගෙන තිබෙනවා.

2023 වසරේ විදේශීය සිසුන් හත් ලක්ෂ හතලිස් හසදහක් (746,000) රට තුළට ඇතුළු වී ඇති අතර ඒ අතර චීනය, ඉන්දියාව සහ නේපාලයේ පෙරමුණේ පසුවනවා.

දකුණු ආසියාවේ සමහර රටවල ශිෂ්‍යයන් මෙම ශිෂ්‍ය වීසා ක්‍රමය ඔස්සේ අධ්‍යාපනයට වඩා රැකියා සඳහා මූලිකත්වය ලබාදීම කනස්සල්ලට කරුණක් බව පෙන්වාදුන් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා කියාසිටියේ ඉදිරියේදී ජාත්‍යන්තර ශිෂ්‍ය බඳවා ගැනීම් තවදුරටත් කළමණාකරණයට කටයුතු කරන බවයි.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර බඳවා ගැනීම් අවම කිරීමේ අරමුණින් මේ වසරේ වීසා ගාස්තු දෙගුණ කිරීම, අයදුම්කරුවන් සඳහා මූල්‍ය අවශ්‍යතා ඉහළ නැංවීම වැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එරට රජය පසුගියදා කටයුුතු කළා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »