
මෙල්බන් නුවර පැය කිහිපයක් තුළ මරණ දෙකක් වාර්තා වී තිබෙනවා.
ඊයේ සවස 4 ට පමණ ඇස්කොට්වේල් නගරයේ නිවසක් තුළ කාන්තාවක් මියගොස් සිටි බවයි පොලීසිය පැවසුවේ.
පසුව සවස 6 ට පමණ ඊට කිලෝමීටර් 47 ක් පමණ දුරින් පිහිටි ලිට්ල් රිවර්හි බරපතල තුවාල ලබාසිටි පුද්ගලයෙකු පසුව මියගොස් තිබෙනවා.

මෙම කාන්තාව සහ පිරිමියා එකිනෙකට හඳුනන බවයි පොලීසිය විශ්වාස කරන්නේ.
මරණය සම්බන්ධයෙන් මෙල්බන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙය වන අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන නැහැ.

මරණ පිළිබඳ තොරතුරු දන්නේ නම් අපරාධ මැඩලීමේ අංශය දැනුවත් කරන ලෙස මහජනයාගෙන් පොලීසිය ඉල්ලීමක් කරනවා.